ගම්මන්පිලගෙන් Twitter පණිවුඩයක්
Monday, 11 April 2022 - 13:08 | Views - 888
අන්තර්වාර පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා.

එහි දැක්වෙන්නේ ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම මුල්කරගනිමින් මෙම අන්තර්වාර පාලනය බිහි කරන බවයි.

එහි අවසානයේ මහ මැතිවරණයක් පවත්වා තමන් කැමති පාලනයක් බිහි කිරීමට ජනතාවට අවස්ථාව පවතින බව අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (10) පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අන්තර්වාර පාලනයක් පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකළ බවයි.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද ඒ බව ප්‍රකාශ කළා.

ඊයේ තවත් සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයට සම්බන්ධ තවත් පාර්ශ්ව කිහිපයක් එක්ව සිටියා.

එහිදී රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙන්ම අන්තර්වාර පාලනයක් පිළිබඳ කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ජා කර තිබෙනවා.

ඉන් පසුව විපක්ෂ නායකවරයා මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ තවත් පිරිසක් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් පැවත්වුණේ ඔහුගේ නිල නිවසේදීයි.

මෙහිදී සාකච්ඡාවට බදුන් වූ කරුණු පිළිබදව සිය මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (11) පියවර ගත්තා.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊට අදාළ සාකච්ඡාව පැවති අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග කාලීන දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳව ද විපක්ෂ නායකවරයා සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

මේ අතර විධායකයත්, ව්‍යවස්ථාදායකයත් නීතියට යටත් වන ජාතික ප්‍රතිපත්ති මත පදනම් වූ ව්‍යවස්ථා සංශෝධනයක් කඩිනමින් සිදුකළ යුතු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද පැවති ජාතික ආර්ථික කතිකාවට එක්වෙමින්. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top