අද අඳුරට යන්නේ මෙහෙමයි
Monday, 11 April 2022 - 11:12 | Views - 862
අද (11) සහ හෙට (12) යන දෙදින තුළ පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
මහජන උපයෝගීතා කොමිසම ලබා දුන් අවසරය මත එය ක්රියාත්මක කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව උදෑසන 8.30 සිට රාත්රී 10.45 අතර කාලය තුළ විදුලි කප්පාදුව සිදුකෙරෙන බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අනුව උදෑසන 8.30 සිට උදෑසන 10.45 දක්වා සහ සවස 5.30 සිට රාත්රී 7.15 දක්වා ABCD කලාපවලට විදුලි කප්පාදුව සිදුවෙනු ඇති අතර ,
D කලාපයට සහ EF කලාපවලට උදෑසන 10.45 සිට දහවල් 1 දක්වා විදුලි කප්පාදු කෙරෙනු ඇති.
එසේම, දහවල් 1 සිට සවස 3.15 දක්වා GHI කලාපවලටත්, සවස 3.15 සිට 5.30 දක්වා JKL කලාපවලටත්, එමෙන්ම රාත්රී 7.15 සිට රාත්රී 9.00 දක්වා EFGH කලාපවලටත් විදුලිය විසන්ධි කිරීම සිදු කෙරෙනු ඇති.
මීට අමතරව රාත්රී 9.00 සිට රාත්රී 10.45 දක්වා IGKL කලාපවලට විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Share This Article