ඉන්ධන පෝලිමක තවත් මරණයක්
Monday, 11 April 2022 - 9:56 | Views - 1,010
ගාල්ල - හිනිඳුම - තවලම ප්රදේශයේ සිපෙට්කෝ පිරවුම්හල අසල ඩීසල් ලබා ගැනිමට පෝලිමක රැදි සිටි පුද්ගලයෙකු අද (11) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද අලුයම සිය ලොරි රථයට ඩීසල් ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පිරවුම්හල අසලට පැමිණ පැයට ආසන්න කාලයක් එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි ගාල්ල - හබරකඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article