වෙනදා වෙරළට ඇවිත් යන එන රැල්ල පාගන්න පවුල් පිටින් ආව මිනිස්සු මේ වෙද්දි ගෝල්ෆේස් පිටියෙ රොදබඳින්නෙ එහෙම තාවකාලික සතුටක් ලබන්න නෙවෙයි.
එතන දැන් එකම ගමක්. ලංකාවේ හතර කොණින් ආව පිරිස් එතන පුංචි ගමක් හදාගෙන. ඒ එකම එක ජාතික අරමුණක් පෙරදැරි කරගෙන.
තැනක කෑම හැදෙනවා. තවත් තැනක තේ හැදෙනවා. ඒ අතරෙ ආදරණීය පුංචි පැටව් එක්ක ඇවිත් කූඩු හදාගෙන.
හැබැයි මේ විනෝද ගමනක් ආව පිරිසක් නම් නෙවෙයි. ඔවුන් එකතු වෙලා ඉන්නෙ රටේ හෙට දවස වෙනුවෙන් සටන් කරන්න.
ඔව් ,මේක ආදරය පිරුණු... ආදරය වපුරන ...ආදරණීය අරගල බිමක්....
මේ එහි දසුන් කිහිපයක්....









