ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පළ කරමින් මේ වනවිට කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉදිරිපිට මාර්ගයේ විශාල පිරිසක් විරෝධතාවයේ නිරතවෙමින් සිටිනවා.
රට තුළ පවතින ගැටළුකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙසට බලකරමින් එලෙස ජනතාව රැස්වී විරෝධතාවයේ නිරත වෙනවා.
එය නම් කර ඇත්තේ නිර්පාක්ෂික ජනතා අරගලය යනුවෙන්.
ඊට තරුණ තරුණියන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එක් සිටී.
මෙහිදී විරෝධතාකරුවන්ට සහාය පළ කරමින් ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් රථවාහනවලින් ද නලා නාද කර සහාය පළ කිරීම විශේෂත්වයක්.
ගාලු මුවදොර පිටිය අසලට රැස්ව සිටින විරෝදතාකරුවන් සමග එක්වීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මේ වනවිට විජේරාම මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිටිනවා.
මේ අතර ගාලුමුවදොර අවට මේ වන විට අන්තර්ජාලය බිඳවැටී ඇතැයි වාර්තා වෙනවා.
ඒ පිළිබඳ සමාජ මාධ්‍යයේ ද විවිධ අදහස් පළ වී තිබෙනවා.



