කටුවාපිටියෙන් ආරම්භ වූ පා ගමන (Video)
Saturday, 09 April 2022 - 14:03 | Views - 394

ප්‍රදේශ කිහිපයක ජනතාව අද (09) දිනයේදීත් විරෝධතා ව්‍යාපාරවල නිරත වනවා.
ඒ අනුව, ජනාධිපති කාර්යාලය අසල මේ වනවිටත් විරෝධතාවක් ක්‍රියාත්මකයි.
සමාජ ක්‍රියාකාරින් පිරිසක් විසින් සංවිධාන කළ විරෝධතාව මේ වනවිට ජනාධිපති කාර්යාලය අසල පිහිටි විරෝධතා සඳහා වෙන් කර ඇති භූමියේ පැවැත්වෙනවා.
මේ අතර, ජීවන වියදම ඉහළ යාමට එරෙහිව සහ පාස්කු ප්‍රහාරයට යුක්තිය - සාධාරණය ඉල්ලා ජනතා හඬ සංවිධානය, මීගමුව - ග්‍රීන් පාක් මංසන්ධියේදී සර්ව ආගමික විරෝධතාවක් අද උදෑසන සංවිධාන කර තිබුණා.
මේ හේතුවෙන් මීගමුව - හලාවත පරණ පාර ග්‍රීන් පාක් හන්දියෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
එම ස්ථානයට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊට එක්ව සිටියා.
මේ අතර, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අසල සිට කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා.
විරෝධතාකරුවන් ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ යාඤාවන්ට සහභාගි වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පාගමන ආරම්භ කළ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර ඊයේ (08) රාත්‍රියේ මහරගම නගරයේ දි ද ජාතික ජනබලවේගය විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
Share This Article