කටුවාපිටියෙන් ආරම්භ වූ පා ගමන (Video)
Saturday, 09 April 2022 - 14:03 | Views - 395
ප්‍රදේශ කිහිපයක ජනතාව අද (09) දිනයේදීත් විරෝධතා ව්‍යාපාරවල නිරත වනවා.

ඒ අනුව, ජනාධිපති කාර්යාලය අසල මේ වනවිටත් විරෝධතාවක් ක්‍රියාත්මකයි.

සමාජ ක්‍රියාකාරින් පිරිසක් විසින් සංවිධාන කළ විරෝධතාව මේ වනවිට ජනාධිපති කාර්යාලය අසල පිහිටි විරෝධතා සඳහා වෙන් කර ඇති භූමියේ පැවැත්වෙනවා.

මේ අතර, ජීවන වියදම ඉහළ යාමට එරෙහිව සහ පාස්කු ප්‍රහාරයට යුක්තිය - සාධාරණය ඉල්ලා ජනතා හඬ සංවිධානය, මීගමුව - ග්‍රීන් පාක් මංසන්ධියේදී සර්ව ආගමික විරෝධතාවක් අද උදෑසන සංවිධාන කර තිබුණා.

මේ හේතුවෙන් මීගමුව - හලාවත පරණ පාර ග්‍රීන් පාක් හන්දියෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම ස්ථානයට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊට එක්ව සිටියා.

මේ අතර, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අසල සිට කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා.

විරෝධතාකරුවන් ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ යාඤාවන්ට සහභාගි වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පාගමන ආරම්භ කළ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ඊයේ (08) රාත්‍රියේ මහරගම නගරයේ දි ද ජාතික ජනබලවේගය විරෝධතාවක් සංවිධාන කර තිබුණා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top