පසුගිය වසරවල අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ එළවළු මිලෙහි සාපේක්ෂ අඩුවක් පවතින බව එළවළු තොග වෙළඳුන් පවසනවා. සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ එළවළුවල අවම ඉල්ලුමක් පැවතීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
එසේම පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය ද මේ සඳහා හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.