සංවර්ධන කටයුතු සිදුකෙරෙන බැවින් ගාලු මුවදොර පිටිය සාමාන්‍ය ජනතාවට වසා දමා ඇති බවට ඊයේ සවස සිට නිවේදනයක් සවිකර ඇති අතර ඒ හේතුවෙන් ගාලු මුවදොර පරිහරණය කිරීමට කිසිවෙකුට තිබූ ඉඩ අවුරා තිබෙනවා.
විරෝධතාවක් සඳහා අද දිනයේ ගාලු මුවදොර පිටියට මිලියනයක ජනතාවක් එකතු වීමට නියමිත බවට සමාජ මාධ්‍ය පුවත් පළ කර තිබූ අතර ඒ වෙනුවෙන් පිරිස් සංවිධානය වෙමින් පැවතිණි.
ගාලු මුවදොර පිටිය හදිසියේම සාමාන්‍ය ජනතාවට වසා දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊයේ පාර්ලිමේන්තුවේ විමසා සිටි නමුත් කිසිවෙකු පිලිතුරු දුන්නේ නැත.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කලේ, මේ වන විටත් අරගලයට තරුණ තරුණියන් රැසක් කොළඹට පා ගමනින්
පැමිණෙමින් සිටින බවයි.