ශ්‍රී ලංකා මහබැංකුව දේශපාලනය රහිත ස්වාධීන තැනක් - නව මහබැංකු අධිපති (Video)
Saturday, 09 April 2022 - 7:29 | Views - 930
මෙරට ආර්ථිකය නියත වශයෙන්ම යහපත් ගමන් මාර්ගයකට හැරවීමේ හැකියාව සහ ශක්තිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති බව තමන් විශ්වාස කරන්නේ යැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු කියා සිටින්නේ එම හැරවුම් ලක්ෂය ඉදිරි මාස කිහිපය තුළ දී ඇති කරගත හැකි වනු ඇති බවයි.

ඒ සඳහා දේශපාලන ස්ථාවරභාවය සහ සමාජයීය ස්ථාවරභාවය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ඔහු අවධාරණය කළා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) දින වැඩ භාර ගැනීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු මාධ්‍ය හමුවේ දී යි මේ අදහස් ප්‍රකාශ කළේ.

එමෙන්ම රටේ අභිවෘද්ධිය සඳහා තමන් උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් සිය කටයුතුවල දී දේශපාලන මැදිහත්වීම් ඇති කර ගැනීමට කිසිදු ඉඩක් නොතබා ස්වාධීනව කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

තමන් එම කටයුත්ත සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමෙන් පසුව මේ අවදානම භාර ගෙන මෙරටට පැමිණි බවයි ඔහු සඳහන් කර සිටියේ.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා හැකි උපරිම වේගයෙන් කටයුතු කරන බවත් ඒ සඳහා වහාම යෝජනා කැදවීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ඔහු කියා සිටියා.

එම යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වහාම කමිටුවක් පත් කිරීමට තමන් අදහස් කර සිටින බවත් මෙම මාධ්‍ය හමුවේ දී ආචාර්ය වීරසිංහ පවසා සිටියා.

තමන් රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී කිසිදු දේශපාලන අධිකාරියට හෝ දේශපාලන උවමනාවකට නතුව කටයුතු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුව වගකියන්න මෙරට මහජනතාවට බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී හමුවේ දී අවධාරණය කර සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top