දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනයේදී මධ්‍යම, සබරගමුව, ඌව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, කිඹුලාපිටිය, දංඕවිට, ගලහ, දමන සහ මාරස්සන කන්ද ප්‍රදේශවලට අද හිරු මුදුන්ව පවතිනවා.