රාජ්‍ය අංශයේ මේ මස වැටුප් සහ දීමනාවට මුදල්
Friday, 08 April 2022 - 10:05 | Views - 2,901
අප්‍රේල් මාසයට අදාල වැටුප් සහ අවුරුදු දීමනා ඇතුලු සියලු ගෙවීම් සිදුකිරීමට මුදල් ලබා දුන් බව හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින්.
මේ අතර රට තුල උද්ගතව ඇති අර්බුදයට විසඳුම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ මැති ඇමතිවරුන් ඉල්ලා අස්වීම නොවන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසනවා.
ඔහු සඳහන් කළේ පවතින තත්වයට එකම විසඳුම පීඩාවට පත්ව සිටින ජනතාවගේ ප්‍රශ්න වලට ක්ෂණික විසදුම් ලබා දීම බවයි.
එම පිරිස ඉවත් කර ජනතා ගැටලුවලට විසදුම් ලබාදීමට පාලකයින් අපොහොසත් වුවහොත් ගත වූ තිස් වසරක යුද්ධයටත් එහා ගිය තත්වයක් රට තුළ හටගත හැකි බව ආදිවාසී නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර පවතින තත්වයන්ට විරෝධය පල කරමින් ඊයේ රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
Share This Article