රාජ්‍ය අංශයේ මේ මස වැටුප් සහ දීමනාවට මුදල්
Friday, 08 April 2022 - 10:05 | Views - 2,902
අප්‍රේල් මාසයට අදාල වැටුප් සහ අවුරුදු දීමනා ඇතුලු සියලු ගෙවීම් සිදුකිරීමට මුදල් ලබා දුන් බව හිටපු මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින්.

මේ අතර රට තුල උද්ගතව ඇති අර්බුදයට විසඳුම ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ මැති ඇමතිවරුන් ඉල්ලා අස්වීම නොවන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසනවා.

ඔහු සඳහන් කළේ පවතින තත්වයට එකම විසඳුම පීඩාවට පත්ව සිටින ජනතාවගේ ප්‍රශ්න වලට ක්ෂණික විසදුම් ලබා දීම බවයි.

එම පිරිස ඉවත් කර ජනතා ගැටලුවලට විසදුම් ලබාදීමට පාලකයින් අපොහොසත් වුවහොත් ගත වූ තිස් වසරක යුද්ධයටත් එහා ගිය තත්වයක් රට තුළ හටගත හැකි බව ආදිවාසී නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර පවතින තත්වයන්ට විරෝධය පල කරමින් ඊයේ රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top