අද අඳුරට යන්නේ මෙහෙමයි
Friday, 08 April 2022 - 7:33 | Views - 1,154
අද විදුලි කප්පාදුව සිදු කරනු ලබන කාලසටහන මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් සඳුදා දිනයේ ප්රකාශයට පත් කළා.
ඒ අනුව අද(08) දිනයේද මෙලෙස කොළඹ ප්රමුඛතා ප්රදේශය හැරුණු කොට සෑම කාණ්ඩයකටම පැය 6යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත්, කොළඹ ප්රමුඛතා ප්රදේශයට පැය 3යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
A,B,C,D,E,F යන කලාප සඳහා පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04 ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්රී 07.30 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් මෙසේ විදුලි කප්පාදුව සිදුවෙනු ඇති.
එසේම, G,H,I,J,K,L යන කලාප සඳහා පස්වරු 01.00 සිට පස්වරු 5 දක්වා පැය 04ක කාලයක් සහ රාත්රී 07.30 සිට රාත්රී 10.00 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට අදාලව පවතිනවා.
එසේම, එළඹෙන අලුත් අවුරුදු දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ(07) සඳහන් කළා.
Share This Article