හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්
Thursday, 07 April 2022 - 15:11 | Views - 697
දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හෙට, අනිද්දා සහ 10 වැනිදා මෙලෙස වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
Share This Article