දින වෙනස් වුණු - දහම් පාසල් විභාගය
Thursday, 07 April 2022 - 10:59 | Views - 509
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂයේ සිට කල් දැමුණු දහම් පාසල් ශ්‍රේණි විභාගය මෙම මස 24 වන ඉරුදින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් මස 03 වන දින දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබූනද, ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබුවා.
මේ අතර රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල තෙවන වාරයේ පාසල් නිවාඩුව ඊයේ (06) දිනයේ සිට ලබාදෙනු ලැබූ අතර
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නැවත 2022 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ආරම්භය අප්‍රේල් මස 18 වන දින සිදුකරන බවයි.
තෙවන පාසල් වාරය සඳහා පාසල් නිවාඩුව හෙට (08) දිනයේ සිට ලබාදීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද පවතින විදුලි කප්පාදුව සහ ප්‍රවාහන ගැටලුව හමුවේ එය ඊයේ (06) දිනයේ සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.
Share This Article