ලොව දුර්වල ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව, ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය සඟරාවක් වන ෆයිනෑන්ශල් ටයිම්ස් සඟරාව පවසනවා.
ඩොලරයේ මිල අධික ලෙස වැඩි වීම හා රුපියල අවප්‍රමාණ වීම මීට හේතු ලෙස හඳුනාගත හැකි යි.
කෙසේ වෙතත් , ඇමරිකානු ඩොලරයේ අගය අද (07) රුපියල් 320ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම ඉහළ යාම ලංකා ඉතිහාසයේ ඉතා විශේෂ වන අතර, පළමු වරට පසුගිය දින කිහිපයේ ඉතාමත් ශිඝයෙන් ඇමෙරිකානු ඩොලරය මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300ක් ලෙසද විකුණුම් මිල රුපියල් 320 ක් ලෙස ද එම බැංකු වෙබ් අඩවිවල පළකර තිබෙනවා.