නව කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් ඉන්දියාවෙන්
Thursday, 07 April 2022 - 9:57 | Views - 1,026
කොවිඩ් -19 නව ප්‍රභේදය වන ‘එක්ස්.ඊ. ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් ඊයේ (6) හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.නව ප්‍රභේදය ආසාදිතයා 50 හැවිදි කාන්තාවක් බවත් ඇය දකුණු අප්‍රිකාවේ සංචාරය කර පසුගිය පෙබරවාරි මස 10 වැනිදා නැවත ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඇය වෘත්තීය වශයෙන් ඇදුම් නිර්මාණ ශිල්පිනියක් බවයි. ලංකාදීප
Share This Article