රත්තරන් මිල පහළට
Thursday, 07 April 2022 - 9:22 | Views - 4,783
හෙට්ටිවීදියේ රත්තරන් මිල කැපී පෙනෙන ලෙස පහළ යාමක් ඊයේ වාර්තා වුණා.
ඊයේ කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක් සඳහා මිල සටහන් වී තිබුණේ රුපියල් 190,000ක් ලෙසින්.
එමෙන්ම කැරට් 22 රන් පවුමක් සඳහා රුපියල් 175,000ක මිලක් සටහන් වී තිබුණා.
ඩොලරයේ අගයට සාපේක්ෂ ව රුපියලේ වටිනාකම පහළ වැටීම හේතුවෙන් මෙරට රත්තරන් මිල පසුගිය සති කිහිපය තුළ දී අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර, පසුගිය සතියේ අග භාගයේ දී කැරට් 24 රන් පවුමක මිල පළමු වතාවට ලක්ෂ දෙකේ සීමාව පසුකර ගියා.
Share This Article