අවුරුද්දට බස් හෙට සිට
Thursday, 07 April 2022 - 8:49 | Views - 995
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට ලබන 15 වනදා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයට අමතරව කඩවත, කඩුවෙල සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළද මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක මෙම විශේෂ බස් රථ සේවාව දෙවන අදියර යටතේ මගී ඉල්ලුමට සරිලන පරිදි යළි පැමිණීමට බස් සේවා යෙදවීමටද සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ එළැඹෙන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පෞද්ගලික බස් සඳහා ඩීසල් නොලැබුනහොත් අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත වනු ඇති බවයි.

මේ අතර, අලුත් අවුරුදු දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක්.

කෙසේ වෙතත්, අලුත් අවුරුදු දුම්රිය සේවා අවලංගු කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ දුම්රිය විශාල ප්‍රමාණයක් අලුත් අවුරුදු සමයේ ධාවනයට යෙදවීමට පියවර ගන්නා අතර, එම දුම්රිය ලැයිස්තුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කරන බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දුන්නේ, අලුත් අවුරුදු විශේෂ දුම්රිය ධාවන කටයුතු සිදු නොකිරීම තුළින් දුම්රිය හරහා ගමනාගමන පහසුකම් සපයා ගනු ලබන ජනතාව අපහසුතාවයට ලක් කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීම පිළිබඳව සොයා බලා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුතු සලසන ලෙසයි.

විවිධ හේතු මූලික කර ගනිමින් මෙවර විශේෂ දුම්රිය ධාවනයට සැලසුම් කර නොමැති බවද අදාළ ලිපියේ දැක්වුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියදුරු සංගමයද කියා සිටියේ මෙවර අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා සඳහා මෙතෙක් වැඩපිලිවෙලක් සකස් කර නොමැති බවයි.

අලුත් අවුරුදු දුම්රිය සේවා සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවලට අදාළ වෘත්තීය සමිති අතර පසුගියදා සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top