අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
Thursday, 07 April 2022 - 8:27 | Views - 589
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ උතුරුමැද පළාත්වලටත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්වලටත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකියි.
Share This Article