ඉන්දීය ණය ආධාර යටතේ අදත් ඉන්ධන
Thursday, 07 April 2022 - 7:58 | Views - 2,337

ඉන්දීය ණය පහසුකම යටතේ දිවයිනට පැමිණි පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 36,000ක නෞකාවෙන් තෙල් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ සමඟ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක නෞකාවක්ද පැමිණ තිබූ බවයි.
ඒ අනුව මේ වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇති විවිධ වර්ගයේ ඉන්ධන ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 270,000ක්.
එමෙන්ම, ඩිසල් මෙටි්‍රක් ටොන් 35,000 රැගෙන පැමිණි නෞකාවට ඩොලර් මිලියන 52 මුදලක් මේවන විටත් ගෙවා නොමැති බැවින් දිවයිනට ආසන්න මුහුදේ එය නැංගුරම් ලා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපයට අවශ්‍ය ඩිසල් ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එහි ප්‍රකාශයෙකු සඳහන් කළා.
මේ අතර, ඊයේත් ඉන්ධන ලබා ගැනිම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.
එමෙන්ම, කෑන්වලට ඉන්ධන ලබාදීම සඳහා සංස්ථාවෙන් ලිපියක් ලබාගෙන එන ලෙසට පිරවුම්හල් සේවකයින් ප්‍රකාශ කරන බවටද ජනතාව චෝදනා කළා.
එමෙන්ම ගෑස් නොමැතිවීම හේතුවෙන් තවදුරටත් ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.
වෙළඳපොලේ විකිණීමට ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර නියමිත මිල ගණන්වලට වඩා වැඩි මිලකට අලෙවි කරනු ලබන බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, අලෙවි නියෝජිතයින් විසින් ගෑස් අලෙවි කරනු ලබන මිල ගණන් පැහැදිලිව පාරිභෝගිකයාට පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කළ යුතු බවයි.
මේ අතර, ඊයේ රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද ඉන්ධන, ගෑස් සහ විදුලි ගැටලුවට කෙටි කාලයක් තුළ විසදුම් ලබාදීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදියි.
Share This Article