මන්ත්‍රීවරු 40ක් මැතිසබයේ දී ස්වාධීන වෙයි
Tuesday, 05 April 2022 - 10:51 | Views - 784
පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිප සහ රජයට සම්බන්ධ පක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ද වාර්තා වනවා.

ඊයේ, පෙරේ දා හා අදත් (05) අමාත්‍යවරු හා වෙනත් ක්ෂේත්‍රයන්ගේ ඉහල නිලධාරින් කිහිප දෙනෙකු ම තව ධුරවලින් ඉවත් වුණා.

අද දිනයේ දී ජීවන් තොණ්ඩමන් හා සෙන්දිල් තොණ්ඩමන්ට අයත් පක්ෂ ද පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට යි තීරණය කර තිබුණේ.

එසේ ම, තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

තවත් මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ස්වාධීනව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළා. 

up date..

මේ අතර , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු ස්වාධීන ව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

එම මන්ත්‍රීවරුන් දස දෙනා මෙසේ යි.

අනුර ප්‍රියදර්ශන යාපා
ජෝන් සෙනෙවිරත්න
සුසිල් ප්‍රේමජයන්ත
චන්දිම වීරක්කොඩි
නලින් ප්‍රනාන්දු
නිමල් ලාන්සා
ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
පියංකර ජයරත්න
රොෂාන් රණසිංහ
ජයරත්න හේරත්

විමල් වීරවංශ ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රීවරුන්

ටිරාන් අලස්
උදය ගම්මන්පිල
වාසුදේව නානායක්කාර
පූජ්‍ය අතුරලියේ රතන හිමි
ගෙවිඳු කුමාරතුංග
වීරසුමන වීරසිංහ
අසංක නවරත්න
මොහොමඩ් මුසම්මිල්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top