රටම බලා සිටින - මැතිසබයේ පෙරළියක තීරණාත්මක මොහොත ඇරඹෙයි (Video)
Tuesday, 05 April 2022 - 10:21 | Views - 980
පවතින අර්බුද හා ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ තීරණාත්මක පාර්ලිමේන්තු සභාවාරය අද (05) ආරම්භ වුණා.
මෙම පාර්ලිමේන්තු සැසිය ඇරඹෙන්නේ, දිවයින පුරා ජනතාව වීදි බැස ජනාධිපතිට හා ආණ්ඩුවට ඉල්ලා අස් වෙන ලෙස බල කරනා මොහතක දී වීම විශේෂත්වයක්.
ඊයේ ප්රසන්න රණතුංග ප්රකාශ කර තිබුණේ, බහුතරය පෙන්වන්න හැකි නම් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඕනෑ ම කෙනෙකුට අවස්ථාව ඇති බවට ජනාධිපතිවරයා පැවසූ බව යි.
මේ අතර, ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ කිහිපයක් ම මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.
ඒ අතරට ශ්රී ලංකා නිදහස් පක්ෂය හා සෙන්දිල් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්රසය ද ඇතුළත්.
Share This Article