හිරු මුදුන්වීම අදින් ඇරඹෙයි
Tuesday, 05 April 2022 - 10:01 | Views - 1,251
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද (5) ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් ,මෙලෙස හිරු මුදුන්වීම මෙම මස 15 වැනිදා දක්වා සිදු වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මෙහිදී සූර්යයා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කිරීම සිදුවනවා.
ඒ අනුව අද (5) දහවල් 12.15 ට දොඩන්දූව, අකුරැස්ස, රන්න සහ හම්බන්තොට යන ප්‍රදේශයන්ට ඉහළින් ඍජුවම හිරු මුදුන්වන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.
Share This Article