අද මැතිසබයේ පෙරළියක්
Tuesday, 05 April 2022 - 9:12 | Views - 1,767
පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂාව අද දිනයේ දැඩි කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදියි දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවත්වන විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙලෙස ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113ක බහුතරය පෙන්වන ඕනෑම කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ආණ්ඩුවේ බහුතර බලය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමකයි.

ජනතාවට කන් නොදී කටයුතු කළහොත් තමන් ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් පක්ෂවල මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආණ්ඩුවට බහුතරය අහිමි කරන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඊයේ සදහන් කළා.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරමින් අද දිනයේ ආණ්ඩුවට සිය පාර්ලිමේන්තු බලය අහිමිවනු ඇති බවයි.

මේ අතර, ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 132ක් සහභාගී වී සිටි බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියා.

එමෙන්ම, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ පියංකර ජයරත්න ද සිය රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව ඊයේ ප්‍රකාශ කළා.

තම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊයේ සදහන් කළේ.

මීට අමතරව ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ 11හේ කණ්ඩායමට අයත් විමල් වීරවංශ, උදය ගම්මන්පිළ යන හිටපු අමාත්‍යවරුන් මෙන්ම ජයන්ත සමරවීර ආණ්ඩුවෙන් ඉවත්වී කටයුතු කිරීමට තීරණය කළා.

එමෙන්ම වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයා ද පසුගිය දා ප්‍රකාශ කළේ තමන් ද ස්වාධීනව කටයුතු කරන බවයි.

මේ අතර, තමන් කිසිදු තනතුරක් භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවට සහ පත් වන අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දීම සඳහා සර්ව පාක්ෂික කමිටුවක් තමන් ඒ සඳහා යෝජනා කරන බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top