අද සිට දින හතරක් පැය 6කට වඩා අඳුරු වන්නේ මෙහෙමයි
Tuesday, 05 April 2022 - 7:14 | Views - 1,895
ඉදිරි දින 4 සඳහා විදුලි කප්පාදුව සිදු කරනු ලබන කාලසටහන මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් ඊයේ ප්රකාශයට පත් කළා.
ඒ අනුව අද සිට ලබන 8 වන දා දක්වා කොළඹ ප්රමුඛතා ප්රදේශය හැරුණු කොට සෑම කාණ්ඩයකටම පැය 6යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත්, කොළඹ ප්රමුඛතා ප්රදේශයට පැය 3යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
මේ අතර, ඊයේත් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබුණු අතර, බෙදා හැරීම් නිසි ක්රමවේදයකයින් තොරව සිදුවුණු බවටයි ජනතාව චෝදනා කළේ.
එමෙන්ම ගෑස් නොමැති වීම හේතුවෙන් ද ජනතාව තවදුරටත් දුෂ්කරතාවට පත්ව සිටිනවා.
Share This Article