මහ බැංකුවට ආචාර්ය නන්දලාල් වීරසිංහ ද ?
Monday, 04 April 2022 - 14:06 | Views - 930
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය සඳහා පළපුරුදු අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. 

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ලබන හත් වැනි දා (7) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වාර්තා වන අතර එම සංචාරය තුළදී මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ද වන ආචාර්ය වීරසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.

මීට අමතරව ඔහුට ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් සහ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද හිමියි.

එමෙන්ම ආචාර්ය විරසිංහ ආර්ථික විද්‍යාව පිළිබඳව අදටත් ශ්‍රී ලංකා මහා බැංකුව පරිශීලනය කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ගණනාවක් නිකුත් කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්.

මීට අමතරව ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සහ විදේශ සංචිත කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසටද කටයුතු කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top