විරෝධතාවක් හේතුවෙන් ඒ නවය මාර්ගයේ රථවාහන ගමනාගමනයට මේ වනවිට බාධා මතුව තිබෙනවා.
හිරු වාර්තාකරු පැවසුවේ ඒ නවය මාර්ගය දඹුල්ල - යාපාගම ප්රදේශයෙන් අවහිර කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි.
තවද අද දිනයේ ප්රදේශ රැසක විරෝධතාවන් නිසා, ගාල්ල බස් නැවතුම්පොළ අසලින් ගාල්ල-මාතර ප්රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.
මේ අතර විරෝධතාවක් නිසා, ජාඇල නගරයේ දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.