උතුර පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී තාවකාලික තද සුළි සහ අකුණු මගින් වන අනතුරු අවම කරගැනිමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර මැදවච්චිය - කිරිගල්වැව ප්‍රදේශයේ කුඹුරක සිටි 69 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.