දිවයිනේ විවිධ ප්‍රදේශවල තවමත් විරෝධතා (Video)
Monday, 04 April 2022 - 8:29 | Views - 2,104
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රියේ විරෝධතා සංවිධාන කර තිබුණා.
මීගමුව - දූව ලෙල්ලම ප්‍රදේශයේ සිට විරෝධතා පාගමනකින් මීගමුව නගරයට පැමිණ විරෝධතාවයේ නිරතවූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඊට ධීවරයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
මේ අතර, නුගේගොඩ - විජේරාම හන්දියේ පැවති විරෝධතාව රාත්‍රීය වනතුරු ක්‍රියාත්මක වුණා.
බොරැල්ලේ දී ද ඊයේ තවත් විරෝධතාවක් පැවති අතර ඒ සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව, ඊයේ දිනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධාන කර තිබූ විරෝධතාවකට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද පියවර ගැණුනා.
රටේ පවතින අර්බුදකාරි තත්ත්වයන්ට විරෝධය කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධාන කර තිබූ අතර අප වාර්තාකරුවන් පැවසුවේ මීගොඩ, රාගම - පේරලන්ද, ගාල්ල, නිකවැරටිය, ගම්පොල සහ කැළණිය ඇතුළු ප්‍රදේශවල එම විරෝධතා පැවති බවයි.
එසේම ප්‍රදේශ රැසක අද දිනයේද විරෝධතා සංවිධානය කර තිබෙනවා.
Share This Article