මුළු දිවයිනටම ක්‍රියාත්මක කළ ඇඳිරිනීතිය අද පෙරවරු 6 ට ඉවත් කෙරුණා
Monday, 04 April 2022 - 7:49 | Views - 2,955
පෙරේදා පස්වරු 6 ට මෙම ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, ඊයේ දිනයේ මෙන්ම, අද අලුයම ද දිවයිනේ ප්‍රධාන මාර්ග, ප්‍රධාන නගර ඇතුළු ස්ථාන කේන්ද්‍ර කරගෙන මාර්ග බාධක සහ පරීක්ෂා කිරීම් සිදුකිරීමටයි පොලීසිය කටයුතු කළේ.
මේ අතර, ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාවට පොදු ප්‍රවාහන කටයුතු සලසන බස් රථ සහ දුම්රිය සේවා යළිත් සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදවීමට කටයුතු කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඩීසල් අර්බුදය හමුවේ වුව ද අද දිනයේ පෞද්ගලික බස් රථ සියයට 15 ක පමණ ප්‍රතිශතයකින් ධාවනය කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ අද දිනට නියමිත දුම්රිය වාර පෙරවරු 6න් පසු ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව ගමනාගමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න ඒ පිළිබඳව හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් පැහැදිලි කළේ මෙලෙසින්.
Share This Article