මුළු දිවයිනටම ක්‍රියාත්මක කළ ඇඳිරිනීතිය අද පෙරවරු 6 ට ඉවත් කෙරුණා
Monday, 04 April 2022 - 7:49 | Views - 2,956
පෙරේදා පස්වරු 6 ට මෙම ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, ඊයේ දිනයේ මෙන්ම, අද අලුයම ද දිවයිනේ ප්‍රධාන මාර්ග, ප්‍රධාන නගර ඇතුළු ස්ථාන කේන්ද්‍ර කරගෙන මාර්ග බාධක සහ පරීක්ෂා කිරීම් සිදුකිරීමටයි පොලීසිය කටයුතු කළේ.

මේ අතර, ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාවට පොදු ප්‍රවාහන කටයුතු සලසන බස් රථ සහ දුම්රිය සේවා යළිත් සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදවීමට කටයුතු කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඩීසල් අර්බුදය හමුවේ වුව ද අද දිනයේ පෞද්ගලික බස් රථ සියයට 15 ක පමණ ප්‍රතිශතයකින් ධාවනය කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සඳහන් කළේ අද දිනට නියමිත දුම්රිය වාර පෙරවරු 6න් පසු ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමනාගමන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් පැහැදිලි කළේ මෙලෙසින්. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top