සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමේ තීරණයක
Sunday, 03 April 2022 - 23:57 | Views - 1,273
අද කැඳවා තිබූ විශේෂ කැබිනට් සාකච්ඡාව අවසානයේ දැඩි වාද විවාද මධ්‍යයේ සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර වාර්තා වූයේ මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත්වූ සමූහ ඉල්ලා අස්වීමේ ලේඛනයට අත්සන් තැබීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ,  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එකඟ නොවූ බවටයි.

කෙසේවෙතත් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සියලු අමාත්‍යවරුන්ගේ එකගතාවයෙන් සමස්ත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
 
up date...

ජනාධිපති වරයා විසින් කැඳවා තිබූ විශේෂ කැබිනට් රැස්වීම මීට ටික වේලාවකට පෙර අවසන් වුණා.


උණුසුම් වාද විවාද වලින් පිරී තිබුණු මෙම කැබිනට් රැස්වීමේ දී සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වන බවට පත්‍රිකාවකට අත්සන් ලබාගෙන ඇති අතර අමාත්‍ය මහින්ද අමරවීර එම ලේඛනයට පළමුව අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.

ඒ සමග යමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අභයගුණවර්ධන යන අමාත්‍යවරුන් ද එම ලේඛනයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ලේඛනයට අත්සන් තැබීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එකඟ වී නැහැ.

කෙසේ වෙතත් මෙම පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අප්‍රසාදය පළවී තිබෙනවා.

මේ අතර වාරයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලි ශබ්‍රි යන අමාත්‍යවරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම විශේෂ කැබිනට් සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී ඇති බව සඳහන්.

එහිදී අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ තෙල්, විදුලි සහ ගෑස් ගැටළුවට හැකි වහාම විසඳුම් ලබාදීමට උපරිමයෙන් ක්‍රියා කළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top