සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් - කොළඹ උණුසුම් වෙයි
Sunday, 03 April 2022 - 11:35 | Views - 2,656
සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතාවට බාධා එල්ල වී තිබෙනවා.
ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට විරෝධය පාමින් අද (03) පෙරවරුවේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනුයි ඔවුන් විරෝධතාව ආරම්භ කළේ.
මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමග මේ වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
කොළඹ නිදහස් චතුරස්‍රය අවට මේ වනවිට විරෝධතාව පැවැත්වෙන්නේ රටටම බලාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක මොහොතකදීයි.
Share This Article