සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය අත්හිටවූ බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිගනියි
Sunday, 03 April 2022 - 8:54 | Views - 5,224
ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටවූ බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යු ටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක ක්‍රියාකාරිත්වයට මෙම තාවකාලික අත්හිටුවීම බලපැවැත්වෙනු ඇති.
මේ අතර ඊයේ (02) රාත්‍රී 10 සිට අද (03) උදෑසන හය දක්වා වන කාලයේදී බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය කඩකළ සැකකරුවන් 664 දෙනෙකු අත්අංඩගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරනවා.
එම කාලය තුළ පොලිස් මාර්ග බාධක සහ ජංගම සංචාර ක්‍රියාත්මක කරමින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි ඔවුන් සඳහන් කළේ.
Share This Article