තමා ජීවිත අවදානම් තත්ත්වයකට මුහුණදෙන බව පාකිස්ථාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකට මුහුණදෙන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ප්රකාශ කළා.
ඔහු කියා සිටියේ එම අවදානම නොතකා තමා නිදහස් සහ ප්රජාතන්ත්රවාදී පාකිස්ථානයක් උදෙසා අඛණ්ඩව සටන් කරන බවයි.
අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පාකිස්ථාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතයි.
ඇරී නැමති පාකිස්ථාන ප්රවෘත්ති සේවාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අග්රාමාත්ය ඉම්රාන් ඛාන් කියා සිටියේ තම ජීවිත අවදානමට අමතරව විදේශ බලවේග මගින් මෙහෙයවන විපක්ෂය තමාගේ චරිතය ඝාතනය කිරීමේ ක්රියාවලියක නිරතවන බවයි.
පාකිස්ථානයේ ආර්ථිකය අර්බුදයකට පත් කළ බවට චෝදනා කරමින් අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංගය සඳහා ඔහුගේ පාලක සන්ධානයේ ප්රධාන පක්ෂයක්ද දැන් එක්ව සිටින බව සඳහන්.