පාසල් දරුවන්ට නිවාඩු ?
Saturday, 02 April 2022 - 13:01 | Views - 9,223
විදුලිය විසන්ධි වීම හේතුවෙන් පාසල් සිසුන් දැඩි අපහසුතාවට පත්වන බැවින්, ඔවුන්ට අප්‍රේල් 04 වැනි සඳුදා සිට නිවාඩු දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසනවා.

දිවයින පුරා මේ දිනවල දිනකට පැය 10කට අධික කාලයක් ජනතාවට විදුලි භාවිතයෙන් තොරව කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මහජනතාවට සිය එදිනෙදා දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවන් තත්ත්වයක් තුළ දියි, සියලුම පාසල් සිසුන් හට ද විදුලි අර්බුදයට පාසල් අධ්‍යාපන කාලය තුළ මුහුණදීමට සිදුවන හෙයින් එය වළක්වාලීමට එළඹෙන සඳුදා සිට නිවාඩු දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 වසරට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමුවන වාරය සඳහා අප්‍රේල් 18 වන සඳුදා සිට 2022 මැයි මස 20 වැනි සිකුරාදා දක්වා දෙදිනම ඇතුළුව 2022 මැයි මස 21 වැනි දින සිට ජුනි 05 තෙක් 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිවාඩු ලබා දී තිබෙනවා.

එහි දෙවැනි අදියර ජූලි මස 06 වැනි සඳුදා සිට 2022 ජූලි මස 08 වැනි සිකුරාදා දක්වා දෙදිනම ඇතුළුව ජූලි 09 සිට 17 තෙක් නිවාඩු හිමිවනු ඇති.

2022 වසරට රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් දිනකට පැය 01 බැගින් අමතර කාලයක් එකතු කර දින 139ක් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මාසයේ දී හා සාමාන්‍ය පෙළ විභාගය 2023 වර්ෂයේ මුල් භාගයේ පැවැත්වෙනු ඇති.

පාසල් වාර සටහන පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ වාර සටහන මෙතැනින්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top