ඇමති රොෂාන් ධූරය අත් හැරීමට තීරණය කරයි
Saturday, 02 April 2022 - 12:46 | Views - 1,633
පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංග එළඹෙන මැයි මස පළමුවැනිදා සිට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ බහුතරයක් ගොවි ජනතාව වෙසෙන සිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ලබාදුන් පොරොන්දු සපුරාලීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.පිටු 07කින් යුත් දීර්ඝ ලිපියක් ජනධිපතිවරයාට යොමු කරමින් රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කරන්නේ සිය ගැටලු ජනාධිපතිවරයාට සෘජුව ඉදිරිපත් කිරීමට පවා තමන්ට අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවට පත්ව ඇති බවයි.රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාට යැවූ සම්පූර්ණ ලිපිය පහතින්...




Share This Article