රට ගොඩනගන්න සැවොම එක්වන්න - ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම
Saturday, 02 April 2022 - 8:00 | Views - 714
ශ්‍රී ලංකාවට අත්ව ඇති ඛේදනීය ඉරණම පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ද සිය නිල ට්විටර් ගිණුමේ සහ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

තමන් මෙම සටහන තැබීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මෙරට පාලකයින්ගේ අදුර්දර්ශී පාලනය සහ බල ලෝභීතවය නිසා මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි ආර්ථික අවපාතයකට යාම මුල් කරගෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය දැකීමෙන් තමන් දැඩි වේදනාවට පත් වූ බවත්, එය කනගාටුදායක තත්ත්වයක් බවත් රොෂාන් මහානාම මහතා පවසනවා.

අවස්ථාවක් ලැබුණු විටදී පවා තමන් රට හැර නොගිය බැවින්, ඊට හේතුව තමන් සිය මව් රටට දැඩි ලෙස ආදරය කිරීම බව පෙන්වාදෙන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහන් කරන්නේ, රට පාලනය කරනු ලබන ඊනිය නායකයින් බොහෝදෙනෙකුට වඩා තමන් දේශප්‍රේමී අයෙකු බවයි.

එබැවින් මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ආගම, ජාතිය, දේශපාලන පක්ෂ ආදිය පසෙකලා එකම ජාතියක් ලෙස නැඟී සිටින ලෙස සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ම තමන් ඉල්ලා සිටින බව ද එම සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

රට වෙනුවෙන් හඬ අවදි කොට, මේ අඳුරු කාලයෙන් සුන්දර මාතෘභූමිය ගොඩගෙන අනාගත පරපුරට සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ පොදු අරමුණල් සමගින් වැඩ කිරීමට තමන් ද රටේ මහජනතාව සමග එක්ව නැඟී සිටින බවයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසන්නේ.











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top