අද අඳුරට යන්නේ මෙහෙමයි
Saturday, 02 April 2022 - 0:23 | Views - 5,184
බලාගාර පවත්වාගැනීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා සිදු කරන විදුලි කප්පාදුව හෙට (02) දිනයේදී පැය 8 හමාරක් දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් සහ භූමිතෙල් මිල දී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයන්ගේ පෝලීම් අදත් පැවති බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

මෙවන් පසුබිමක ඩීසල් මෙට්‍රික් ටොන් 40, 000 ක් අඩංගු නෞකාව අද රාත්‍රිී 11.30ට පමණ මෙරටට පැමිණෙනු ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ලබන සඳුදා ගෑස් අඩංගු නෞකාවක් පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් අන්තර්ගත වන බවයි.

එමෙන්ම, මේ වනවිට ගොඩබා ඇති ගෑස් මෙටි්‍රක් ටොන් 3,800 බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ද ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, පවතින විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම ඉන්ධන, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට විරෝධය පල කරමින් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

මොරටුව වඩු කාර්මිකයින්, ගාල්ලේ ධීවරයින් මෙන්ම පුත්තලම ලොරි රථ රියදුරන් ඇතුලු පිරිස් පැවැත් වූ විරෝධතා හේතුවෙන් එම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගයන්හි වාහන ගමනාගමනයට එල්ල වුණේ දැඩි බාධාවන්.

මොරටුවේ පැවති විරෝධතාවයේ දී විරෝධතාකරුවන් අද පස්වරුවේ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, නගරාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ වඩු කාර්මිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරින් සමග දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කළ බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද වැල්ලවාය - කිරිඉබ්බන්ආර මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රශාලා පරිශ්‍රයේ පැවති රැකියා ප්‍රධානය කිරීමේ උත්සවයකට සහභාගී වී ඉන් පිටතට පැමිණි අවස්ථාවේ දී එම ස්ථානයේ විරෝධතාවයක නිරත වූ පිරසක් විසින් හුූ හඩක් නගමින් මන්ත්‍රීවරයාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම උත්සවය රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ද සහභාගී වීමට නියමිතව තිබුණා.

ABCDEF
8 am - 12 pm අතර පැය 04ක්
4 pm - 7 pm අතර පැය 03ක්,
9 pm - 10.30 pm අතර පැය 1.30ක් ද,

GHIJKL
12 pm - 4 pm අතර පැය 04ක්
6 pm - 9 pm පැය 03ක්
10.30 pm - 12 am අතර පැය 1.30ක් විදුලි සැපයුම අත්හිටවනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top