මිරිහාන අරගලයේ 22 දෙදෙනකුට ඇප
Friday, 01 April 2022 - 23:49 | Views - 307
මිරිහාන - නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ දී පැවති විරෝධතාවයෙන් අනතුරුව අත් අඩංගුවට ගත් පුද්ගලයින් 22 දෙදෙනකුට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.
ඒ අනුව තවත් සැකකරුවන් 06 දෙනෙකුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම සයදෙනා එළඹෙන සඳුදා (04) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණා.
Share This Article