බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවෙයි (Video)
Friday, 01 April 2022 - 23:33 | Views - 3,613
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (02) පෙරවරු 06 දක්වා බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ඊයේ (31) රාත්‍රියේ දී මිරිහාන ප්‍රදේශයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට අරගලකරුවන් විසින් සිදු කරන ලද කළහකාරී ක්‍රියාකාරකම් හේතුවෙනුයි, වැඩිදුර පරීක්ෂණ කටයුතු සහ කළහකාරීත්වය පාලනය කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ.

වත්මන් රජයේ ක්‍රියාකාරකම්වලට සහ ජන ආර්ථික පීඩනයට විරුද්ධව මහජනයා විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට වරින් වර වීදි බැස අරගල කරන අයුරු දක්නට පුළුවන්.

ඒ අනුව අද දිනයේ දී ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බේරුවල ප්‍රදේශයේ ද , පුත්තලම නගරයේ ද , විජේරාම ප්‍රදේශයේ ද දැඩි විරෝධතාවක් ජනතාවගේ රැස්වීමෙන් යුතුව ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙනුයි පොලීසිය විසින් ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා බස්නාහිර පළාතටම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවන බවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top