මිරිහාන සිද්ධියට - නොමිලේ පෙනී සිටිමට නීතිඥයින් පෙළගැසෙයි (Video)
Friday, 01 April 2022 - 16:12 | Views - 442
මිරිහාන සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ පෙනී සිටිමට නීතිඥයින් පෙළගැසෙයි.
ඊයේ සවස් කාලයේ මිරිහානේ ජනාධිපතිවරයා ගේ නිවස ආසන්නයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥයින් විශාල පිරිසක් ගංගොඩවිල උසාවියට පැමිණ ඇති බව වාර්තා වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඒ අතරේ කාන්තාවක් ද සිටිනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද දින ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර ඔවුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥයින් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා පණිවිඩ හුවමාරු කරගනිමින් ඒකරාශී වී තිබෙනවා.
එහි සිටින අප වාර්තාකරු සඳහන් කරන්නේ මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් 54 දෙනා වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥයින් තුන්සියයකට ආසන්න පිරිසක් පැමිණ ඇති බවයි.
Share This Article