මිරිහාන සිද්ධියට - නොමිලේ පෙනී සිටිමට නීතිඥයින් පෙළගැසෙයි (Video)
Friday, 01 April 2022 - 16:12 | Views - 443
මිරිහාන සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ පෙනී සිටිමට නීතිඥයින් පෙළගැසෙයි.

ඊයේ සවස් කාලයේ මිරිහානේ ජනාධිපතිවරයා ගේ නිවස ආසන්නයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥයින් විශාල පිරිසක් ගංගොඩවිල උසාවියට පැමිණ ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඒ අතරේ කාන්තාවක් ද සිටිනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද දින ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබූ අතර ඔවුන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥයින් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා පණිවිඩ හුවමාරු කරගනිමින් ඒකරාශී වී තිබෙනවා.

එහි සිටින අප වාර්තාකරු සඳහන් කරන්නේ මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් 54 දෙනා වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥයින් තුන්සියයකට ආසන්න පිරිසක් පැමිණ ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top