විශ්වාසභංගය ඇමෙරිකානු කුමන්ත්‍රණයක් - අගමැති ඉම්රාන් ඛාන්
Friday, 01 April 2022 - 14:03 | Views - 494
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පරාජය වුවහොත්, දැඩි ප්‍රතිවිපාක ඇති වන බවට එක්සත් ජනපදය නිකුත් කළ තර්ජනාත්මක ලිපියක් සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතික ආරක්ෂක කවුන්සිලය විරෝධය පල කර තිබෙනවා.

පාකිස්ථානයේ ඇමෙරිකානු තානාපතිවරයා කැඳවා එලෙස නිල විරෝධයක් පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

69 හැවිරිදි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ තමා බලයෙන් පහ කිරීම සඳහා විදේශීය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

ඒ ඇමෙරිකා එක්සත් ජනපදය බවට පසුව ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටින්නේ තම රට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා මෙලෙස ඇමෙරිකාවේ උදහසට ලක්ව ඇති බවයි.

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය ආරම්භ කළ පසුගිය පෙබරවාරි 24 වනදා පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූයේ වසර 23කට පසු රුසියානු සංචාරයකට එක්වූ ප්‍රථම පාකිස්ථාන අගමැතිවරයා ලෙසින්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top