පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පරාජය වුවහොත්, දැඩි ප්‍රතිවිපාක ඇති වන බවට එක්සත් ජනපදය නිකුත් කළ තර්ජනාත්මක ලිපියක් සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතික ආරක්ෂක කවුන්සිලය විරෝධය පල කර තිබෙනවා.
පාකිස්ථානයේ ඇමෙරිකානු තානාපතිවරයා කැඳවා එලෙස නිල විරෝධයක් පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
69 හැවිරිදි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ තමා බලයෙන් පහ කිරීම සඳහා විදේශීය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
ඒ ඇමෙරිකා එක්සත් ජනපදය බවට පසුව ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටින්නේ තම රට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා මෙලෙස ඇමෙරිකාවේ උදහසට ලක්ව ඇති බවයි.
රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය ආරම්භ කළ පසුගිය පෙබරවාරි 24 වනදා පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූයේ වසර 23කට පසු රුසියානු සංචාරයකට එක්වූ ප්‍රථම පාකිස්ථාන අගමැතිවරයා ලෙසින්.