හවසට බස් නෑ - බස් සංගම්
Friday, 01 April 2022 - 13:27 | Views - 9,452
අද පස්වරුව වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ ධාවනය මුළුමනින්ම අඩාල වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු කියා සිටියේ අද උදෑසන වනවිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලැබුවේ සියයට 10ක පමණ අඩු සංඛ්‍යාවක් බවයි.

මේ අතර, රජය පොරෙන්දු වූ පරිදි පෞද්ගලික බස් රථ වලට ඩීසල් ලබා නොදීමට එරෙහිව නුවරඑළිය නගරයේ දී විරෝධතා පා ගමනක් පැවත් වුණා.

නුවරඑළිය බස්නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන ග්‍රෙගරි වැව පරිශ්‍රය දක්වා පැමිණි අතර, ඒ වනවිට එම පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබූ වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය අතරමග නතර කිරීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව විරෝධතාකරුවන් නුවරඑළිය - වැලිමඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.

එමෙන්ම ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය ධීවර වරාය ඉදිරිපිටින් අවහිර කරමින් ධීවරයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ පවතින ඉන්ධන අර්බුදය හා විදුලි කප්පාදුව හමුවේ තම ජීවනෝපායට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන්.

මේ අතර, කොළඹ - පුත්තලම මාර්ගය මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ලොරි රථ රියදුරන් පිරිසක් අද උදෑසන විරෝධතාවක් ආරම්භ කළා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මදුරන්කුලිය - මුන්දලම සමූපකාර සමිතියට අයත් පිරවුම්හලෙහි ගබඩා කර ඇති ඩීසල් ලීටර 3,000ක් ඉන්ධන නොමැති ලොරි රථ රියදුරන් සඳහා නිකුත් කරන ලෙසයි.

එමෙන්ම, මොරටුව - කුරුස හන්දියෙන් ගාලු පාර අවහිර කරමින් වඩු කාර්මිකයින් පිරිසක් විරෝධතාවක නිරතවනවා.

කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම මෙන්ම විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන බව සඳහන්.

මේ හේතුවෙන් ගාල්ල දෙසට වන මංතීරුව අවහිර වී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top