අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා
Friday, 01 April 2022 - 11:30 | Views - 1,278
මොරටුව කුරුස හන්දියෙන් ගාලු පාර අවහිර වී තිබෙනවා.

ඒ වඩු කාර්මිකයින්ගේ විරෝධතාවයක් නිසාවෙන්. 
 
මේ අතර කොළඹ - පුත්තලම මාර්ගය මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ලොරි රථ රියදුරන් පිරිසක් අද උදෑසන විරෝධතාවක් ආරම්භ කළා. 
 
ඔවුන් ඉල්ලා සිටින්නේ මදුරන්කුලිය - මුන්දලම සමූපකාර සමිතියට අයත් පිරවුම්හලෙහි ගබඩා කර ඇති ඩීසල් ලීටර 3,000ක් ඉන්ධන නොමැති ලොරි රථ රියදුරන් සඳහා නිකුත් කරන ලෙසයි. 
 
දින පහක සිට ප්‍රදේශයේ ලොරි රථ රියදුරන් මෙලෙස ඉන්ධන පිරවුම්හල අසළ දිගු පෝලිම්වල රැඳී සිටිනවා. 
 
පසුව ඔවුන් අද පෙරවරුවේ මහා මාර්ගයේ බිම වාඩිවෙමින් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂනයේ නිරතවන බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ. 

තවද සෞඛ්‍ය අමාත්‍යාංශය අසළ උපවාසයේ නිරත රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ වනවිට මරදාන - ඩීන්ස් පාර අවහිර කරමින් විරෝධතාවක නිරතවනවා.

උපවාසයට සමගාමීව ඔවුන් ආරම්භ කළ වර්ජනයට අදට දින දෙකක් ගතවන අතර, එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ උපවාසයේ නිරත කිහිපදෙනෙකුගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට අයහපත් වී ඇති බවයි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඊයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව පවසමින්. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top