ජාඇල නගර සභාවට අයත් කපුවත්ත සුසාන භූමියේ ආදාහනය සඳහා ඊයේ රැගෙන ආ මළසිරුරු දෙකක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් ආදාහනය කර ගැනීමට නොහැකිව මියගිය පුද්ගලයාගේ ඥාතීහු දැඩි අපහසුතාවකට පත් වුණා.
කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයකුගේ දේහයක්ද ඒ අතර තිබී ඇත.
මියගිය එක් පුද්ගලයකුග් ඥාතීන් විදුලිජනන යන්ත්රයක් ආදහනාගාරය වෙත රැගෙන ගොස් පැය තුනකට පමණ පසුව එම දේහය ආදහනය කර තිබෙනවා.